රජයේ නිලධාරීන්ගේ දීමනාවක් කැපේ...සිදුවූ දේ මෙන්න.

Sri Lanka Parliament Political Government servant allowance cut
By Aruna Feb 22, 2022 06:49 AM GMT
Report

අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රජයේ සියලුම විධායක නිලධාරීන්ගේ දුරකථන දීමනාවෙන් සියයට විසි පහක් කපා හැරීමට අදාළ චක්‍රලේඛ මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ එම දීමනාව අඩු කිරීමට අදාළ චක්‍රලේඛය මෙතෙක් නිකුත් වී නැත.

රජයේ නිලධාරීන්ට අදාළව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය.

මෙම දීමනාව අඩු කිරීම මෙවර අයවැය යෝජනාවකි.

මන්ත්‍රිවරුන්ට අදාළව එම චක්‍රලේඛය නිකුත් කර නොමැති හෙයින් එම දීමනාව අඩු නොකෙරෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වුව ද මන්ත්‍රිවරුන්ගේ එම දීමනාව අඩු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා කීවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now