රජය බිලියන දෙසීයක ණයකාරයෙක් වෙයි .

Government Of Sri Lanka
By Wayomi Nov 16, 2022 04:58 AM GMT
Report

දැනට රජය පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන දෙසීයක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, අමාත්‍යාංශයේදී ඊයේ (15) පැවැති සම්මන්ත්‍රණයකදීයි.

විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතන වලට ගෙවිය යුතු බිල්පත් ඒ අතර වෙනවා.

කෙසේ වෙත්ත ඔහු පවසන්නේ ජය පවතින්නේ එම බිල්පත් ගෙවිය නොහැකි තත්වයක බවයි.

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රජයේ ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබුවේ මේ හේතූන් මූලික කරගෙන බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW