ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ප්‍රකාශයක්.

Government Of India India
By krishani Feb 22, 2023 07:30 AM GMT
Report

ශ්‍රී ලංකාව සමඟ පවතින්නේ අතිශය වෙනස් යහපත් සබඳතාවක් බවත්, අසල්වැසියා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් මිදීමට උපකාර කළ යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

ඒ පාකිස්තානය සහ ඉන්දියාව අතර සබඳතා සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ය.

දේශසීමා ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානය සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව තුළ පවතින මතවාද ගැන ඔහු ඉන්දීය මාධ්‍ය වෙත මෙහිදී පැහැදිලි කළ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට හොඳ හිතක් පවතින බව ද පැවසීය.

අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය ගැන කණස්සලට පත්වන බව මෙන්ම එම තත්වයෙන් මිදීමට උපකාරක කරන බවත් එහිදි ඔහු අවධාරණය කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join