ශ්‍රී ලංකාව ගැන හදවතින් සතුටු වෙන අමෙරිකාව.
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
United States of America
President of Sri lanka
By krishani
ශ්‍රී ලංකාවේ ණය හිමියන් නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සඳහන් කළේ ය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක දී ය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ තමන් සතුටු වන බව ඇය පවසා සිටියේ ය.
මෙම හමුව සිදු වී ඇත්තේ, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරීසියට ගොස් සිටින අතරතුරදී ය.