රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් හදිසියේම කැබිනට් තීරණයක්...

Bandula Gunawardane Government Employee Local government Election
By Sithumini Aug 06, 2024 09:12 AM GMT
Report

පසුගිය දිනවල වැඩි වශයෙන් විරෝධතාවල ඇසුණු වචනයක් තමයි රාජ්‍ය සේවක වැටුල් විෂමතාවය.

රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී තිබෙනවා.

එවැනි පසුබිමක රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙනවා.

වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි බවයි වාර්තා වන්නේ.

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප, 2018-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක 1 අනුව සම්පුර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්.