සියළුම ආයතන සම්බන්ධයෙන් රජය හදිසි තීණයක් ගනී....එම තීරණ මෙන්න.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Government servant
By Aruna Jan 11, 2022 01:33 AM GMT
Report

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී කැබිනට් සංදේශයක් මඟින් මෙම දැනුම්දීම කර ඇත. ඒ අනුව නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන,

දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. ඇතැම් රාජ්‍ය ව්‍යාපාර රජයෙන් යැපීම නතර කළ යුතු බවට ද මුදල් ඇමතිවරයා යෝජනා කර ඇත. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now