අමෙරිකානු තීරු බදු තවදුරටත් අඩු කිරීම ගැන රජය කරුණු පහදයි

Donald Trump Latest Headlines Sinhala news Trump tariff Puwath.lk
By Shehan Aug 01, 2025 08:42 AM GMT
Report

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතය 30% සිට 20% දක්වා අඩු කර ඇත. ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව බදු අනුපාතය අගෝස්තු 07 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේ පැවසීය;

"මෙම තීරු බදු අඩු කිරීම තුළින් අභියෝග මධ්‍යයේ නව අවස්ථා උදාවී තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට සහ අමෙරිකාවට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවන බවයි. මෙය රටක් ලෙස අපට මහත් ජයග්‍රහණයක්. ඉදිරියේදීත් මෙම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා."