හෙට දිනයේ දිවයින පුරාම රාජ්‍ය සේවකයන් අමුතුම වැඩකට අතගසයි..ඔබත් මේ ගැන දැනුවත්ද..?

Sri Lanka Economic Crisis Government Employee Government Of Sri Lanka Financial crisis
By Sewvandhi Dec 11, 2023 11:00 AM GMT
Report

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ, හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවයි.

අද මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා මේ බව පැවසීය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසන්නේ, රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

හෙට දිනයේ දිවයින පුරාම රාජ්‍ය සේවකයන් අමුතුම වැඩකට අතගසයි..ඔබත් මේ ගැන දැනුවත්ද..? | Goverment Workers Salary Problem

එසේම දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බවද එම වෘත්තීය සමිති එහිදී රජයට අනතුරු ඇඟවීය.