හදිසියේම අධ්‍යාපන,වෛද්‍ය,ගුරු ඇතුළු වෘත්තීය සමිති 17ක් අද (3/10) අසනීප වෙයි..මේ ස්ථාන සඳහා යනවනම්, මේ ගැන දැනුවත්වන්න..!
Sri Lanka
teachers
Doctors
Strike
By Sewvandhi
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 17ක නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වීමට නියමිතයි.
ඒ වැටුප් සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් ලබා දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ අනුව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමය, දන්ත වෛද්‍ය නිලධාරී සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සංගමය යන වෘත්තීය සමිති අද වර්ජනයට එක් වීමට නියමිත යි.
එමෙන්ම දේශීය ආදායම් වෘත්තීය සංගම් එකමුතුව, මිනින්දෝරු සේවා වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක සේවා සංගමය, තොරතුරු හා සන්නිවේදන සේවා සංගමය, කෘෂිකාර්මික සේවයේ සහ කාර්මික අධ්‍යයන සේවයේ වෘත්තීය සංගම් සහ කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය ද මෙම වර්ජනයට එක්වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |