දූෂණ විරෝධී පනත සංශෝධනයට රජයේ අවධානය
Bribery Commission Sri Lanka
Latest Headlines
Sinhala news
NPP Government
Puwath.lk
By R.rishma
දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (27) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමඟින් පවතින පනතට සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට යෝජනා කර ඇත.
අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව සඳහන් වේ.