පක්ෂ නායක රැස්වීමේදී නව ආණ්ඩුවක් පිහිටුවීම ගැන ජනපතිගේ ප්‍රතිචාරය..! අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙනස් වෙනවද..?
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
By Sewvandhi
"ජාතික සම්මුතිවාදී රජය" ලෙස නම් කෙරෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
එම යෝජනාවට අනුව “ජාතික සම්මුති රජය” පිහිටුවීමට එකඟ වන දේශපාලන පක්ෂ නායකයින් විසින් ජාතික සභාවක් පිහිටුවන බවත්, ජාතික සභාව විසින් “ජාතික සම්මුති ආණ්ඩුවේ” අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය නම් කරනු ඇති බවත් ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවෙන් ස්වාධීනව සිටීමට තීරණය කළ දේශපාලන පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
"ජාතිය සහ මහජන විශ්වාසය ගොඩනැගීමට අවශ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳව ජාතික සභාව තීරණය කරනු ඇති අතර පත් කරන ලේකම්වරුන් පිළිබඳව ද ජාතික සභාව තීරණය කරනු ඇත," ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |