ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ විශේෂිත ප්‍රකාශය මෙන්න (VIDEO)

srilanka Gotabhaya mahinda rajapaksha gotabhaya rajapaksha
By Sithumi Feb 12, 2022 03:48 PM GMT
Report

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය

. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතින බවය. ජනාධිපතිවරයා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීන් මෙහිදී සඳහන් කර තිබේ. 

 ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල කෙරෙහි බහුතරයක් ජනතාව ධනාත්මකව සිටින බවත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රැස්ව සිටි පිරිස සඳහන් කර ඇත. සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඇතැයි ද වෘත්තීයවේදීන් පෙන්වා දී තිබුණි. 

 ජනාධිපතිවරයා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති විද්වතුන්, ඒ වෙනුවෙන් පවතින බාධා ඉවත් කරගැනීමට රජයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බවද අවධාරණය කර ඇත.

අධ්‍යාපන, ප්‍රතිපත්ති, සමාජ විද්‍යා, කෘෂිකර්ම, පර්යේෂණ, ජල සහ පුනර්ජනනීය බලශක්ති, වෛද්‍ය ඉංජිනේරු හා නව නිපැයුම් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන පිරිසක් ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාවට එක්වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now