ජනපති අද සිදුකල විශේෂ ප්‍රකාශය..

President gotabhaya rajapaksha srilankan politics wawniya campas
By Sithumi Feb 11, 2022 03:01 PM GMT
Report

යාපනය විශ්වවිද්‍යාලට අනුබද්ධව තිබූ 'වව්නියාව මණ්ඩපය' අද (11) වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එක් කෙරුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. එය මෙරට 17 වන ජාතික විශ්වවිද්‍යාලය බවට පත්විය.

උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ නීතිමය බාධා ඉවත් කොට අධ්‍යාපනය වෙනුවෙන්ම කැපවන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් මෙරට ස්ථාපනය කිරීමට ද අවස්ථාව ලබාදිය යුතු බවය. ‍යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව වව්නියාව මණ්ඩපය ස්ථාපනය කෙරුණේ 1997 වසරේදීය

. එය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලෙස විද්‍යාර්ථීන් හා ආචාර්යවරු කලක සිට සිදුකළ ඉල්ලීම් සලකා බැලූ වත්මන් රජය එය වව්නියාව විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කරමින් පසුගිය වසරේ ජුනි මස 08 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය

. ඒ අනුව වව්නියාව විශ්වවිද්‍යාලය අද මෙලෙස සිසු අයිතියට පත් කෙරුණි. මෙහිදී වව්නියාව විශ්වවිද්‍යලයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now