ජනපති ගෝඨාභය හදිසියේම දැනුම්දුන් දේ මෙන්න..

Oil Gotabaya Rajapakshe Udayagammanpila
By Aruna Feb 22, 2022 07:31 AM GMT
Report

විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා.

ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමටයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීද ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අංශ රැසකට අදාලව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විදුලිය සැපයීම සහ සියලුම සේවාවන් යන අංශයන්ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now