හිටපු ජනපති ගෝඨාභය හමුවීමට විශේෂ පිරිසක් එයි..ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා රැසකුත් ඒ අතර.(PHOTOS)

Chamal Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Shasheendra Rajapaksa Murutthettuwe Ananda Thero
By Aruna Jun 21, 2023 07:22 AM GMT
Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 74 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ බෝධිපූජාමය පින්කමක් ඊයේ (20) එතුමාගේ සහ එම මැතිණියගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට, ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට කෝට්‍‍ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමොපාලී මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දිවියාගහ යසස්සි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය 60කට පමණ අධික පිරිසක් වැඩම කරවනු ලැබුවා.

එසේම හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල දිසානායක, සම්පත් අතුකෝරළ, සාගර කාරියවසම්, මංජුලා දිසානායක, රෝහණ දිසානායක ඇතුළු පිරිසක් ද පළාත් සභා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ විසින් ප්‍රධාන අනුශාසනාව පවත්වනු ලැබුවා.

මෙම උත්සවය අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහක නිරත වන ආකාරයද දක්නට ලැබිණ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery