ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම සිදුවන වෙලාව ගැන දැනුම් දීමක්..

Gotabaya Rajapaksa Sri Lanka President of Sri lanka
By Aruna Jul 13, 2022 05:25 AM GMT
Report

නික්ම යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමට නියමිතව ඇත්තේ, අද සවස සිය අවසන් ගමනාන්තයට පැමිණීමෙන් පසුව බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යවනු ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කථානායක කාර්යාලය අද පෙරවරුවේ තහවුරු කළා.

රාජපක්ෂ මහතා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන යාත්‍රාවකින් රටින් පිටත්ව මාලදිවයිනට ළඟා වූ අතර එහිදී ඔහු සිය අවසන් ගමනාන්තය වෙත පියාසර කරනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now