ජනපති ඇතුළු ප්‍රබලයින් 11ක් රැස්වී කරන්න හදන අලුත්ම වැඩේ..11 දෙනා මෙන්න.

Mahindananda Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Bandula gunawardhane Jonstan Fernando Gamini Senarath
By Aruna Mar 08, 2022 05:09 AM GMT
Report

සාමාජිකයින් 11දෙනෙකුගෙන් සමන්විතයි සාමාජිකයින් 11දෙනෙකුගෙන් සමන්විත “ආර්ථික සභාව” සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එම සභාවේ උපදෙස් හා මඟ පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යාවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම ආර්ථික සභාවෙන් අරමුණු කෙරේ.

ඒ අනුව ආර්ථික සභාවේ රැස්වීම් සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි විද්වතුන් කැඳවීමට ජනාධිපතිවරයා ගනු ලැබු තීරණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ආර්ථික සභාවේ සංයුතිය පහත පරිදි වේ.

01. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (සභාපති)

02. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

03. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

04. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

05. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

06. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

07. වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ

08. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

09. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්

10. භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල

11. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now