ජනපති හදිසියේ ගත් තීරණය මෙන්න.. ගැසට්ටුවකුත් නිකුත් කරයි..
Political
Gotabaya Rajapakshe
Ministry of security
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කේ.ජේ. විජේසිංහ පත් කරනු ලැබ ඇත්තේ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.
එසේම උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ඇතුළු වැවිළි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.ඩී. පාඩිකෝරාළ පත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |