ජනපතිගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක්වෙයි..එහි ඇත්ත නැත්ත මෙන්න.
ජනපති විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධවයි.!!
සමාජ මාධ්‍ය තුළ මේ දින වල සීග්‍රයෙන් පැතිරෙන ජනපතිගේ ප්‍රකාශයක් සම්බන්ධව සිදු කළ සොයා බැලීමක්.
"මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත".
රජයේ සහ මුදල් අමාත්‍යංශයේ වාර්තා අනුව විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය.
ජනපතිගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව සොයාබැලීම උදෙසා, මුදල් අමාත්‍යාංශයේ (MoF) 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව සහ 2022 වසර සඳහා වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පරිශීලනයට ගෙන ඇත.
දෙන ලද ඕනෑම කාලසීමාවක් සැලකිල්ලට ගත් විට, මින් පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් ලෙසින් සහ එකඟ වන නව ණය ගනුදෙනු ලෙසින් යන ආකාර දෙකම ඔස්සේ ශ්‍රී ලංකාවට විදේශ ණය ලැබේ.
2020 ජනවාරි සිට 2021 අගෝස්තු දක්වා කාලසීමාව තුළ, ශ්‍රී ලංකාවට ඊට පෙර එකඟ වූ ණය ගනුදෙනුවල මුදල් ගෙවීම් ලෙසට, ඇමරිකානු ඩොලර් මිලියන 3,467 ක් ලැබී තිබේ.
එසේම, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,962 ක නව ණය බැඳීම් සඳහාද ප්‍රවිශ්ට වී තිබේ (නිදර්ශන අංක 1 බලන්න).
චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1,308 ක ණය මුදලද ඇතුළුව, මෙම නව ණය බැඳීම්වලින් ඇතැමක මුදල් මේ වන විටත් ලැබී තිබේ.
ඒ අනුව, මෙම සංඛ්‍යාවන් ජනපතිගේ ප්‍රකාශයට පරස්පර විරෝධී වේ.
ජනපතිවරයා තම ප්‍රකාශය තුළින් සඳහන් කිරීමට අදහස් කරන ලද්දේ ලබාගත් සහනදායි බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ණය සම්බන්ධයෙන් නොව, නව මූල්‍ය වෙළඳපොළ ණය පිළිබඳව පමණක් නම්, එහිදීද ජනපතිවරයාගේ ප්‍රකාශය දෝෂසහගත බව මෙම කරුණ වෙනත් ආකාරයකට සලකා බැලුවහොත් පෙනී යයි.
මුදල් අමාත්‍යාංශයට අනුව, 2020 ජනවාරි සිට 2021 අගෝස්තු දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් මිලියන 1,308 ක වටිනාකමකින් යුත් මූල්‍ය වෙළඳපොළ ණය ලබාගෙන තිබේ.
මේ අනුව, තමන්ගේ ධූර කාලය තුළ කිසිදු විදේශ ණයක් ලබාගෙන නැත යනුවෙන් පැවසෙන ජනපතිවරයාගේ ප්‍රකාශය නිවැරදි ද යන්න ප්‍රශ්නාර්ථයකි.
ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන්නේ 2020 වසරෙන් පසුව එකඟ වූ නව ණය බැඳීම් පිළිබඳව යැයි හෝ නව මූල්‍ය වෙළඳපොළ ණය පිළිබඳව යැයි හෝ උපකල්පනය කළද එහි නිරවද්‍යබවක් නොපවතී.
ඒ අනුව, ජනපතිවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි පවසමු. මෙලෙස සිදු කළ නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, අප විසින් සිදු කළ මෙම ඇගැයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
Sources
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2022, ප්‍රවේශය:
https://www.treasury.gov.lk/api/file/16e9c6ec-7a13-4220-a8a7-1427c5d14785
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2020, ප්‍රවේශය:
https://www.treasury.gov.lk/p/annual-reports
ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2021 සැප්තැම්බර්, ප්‍රවේශය:
ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2021 අප්‍රේල්, ප්‍රවේශය:
ශ්‍රී ලංකා මහ බැංකුව , විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය, 2020 මාර්තු, ප්‍රවේශය::
https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20200601_external_sector_performance_march_2020_e.pdf
Source - factcheck
ඉදිරියේදි බෙහෙත් ගන්න වෙන්නේ මුදල් වලට විතරයි..? වෛද්‍ය නිලධාරීන් කළ භයානක හෙලිදරව්ව
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |