ජනපති හදිසියේ වෘත්තිය සමිති කැඳවයි..හේතුව මෙන්න.
නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රිය ව පවතින විදුලි ජනන යන්ත්‍රයේ මෙගාවොට් 300ක ධාරිතාවයෙන් මෙගාවොට් 160ක් ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට එක් කර තිබෙනවා.
අද දිනය තුළ ජනන යන්ත්‍රයේ සමස්ත ධාරිතාව ක්‍රමානුකූලව පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි ප්‍රකාශ කළේ.
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ක් පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සමස්ත ධාරිතාව මෙගාවොට් 900ක්.
ඉන් මෙගාවොට් 300ක එක් ජනන යන්ත්‍රයක් පසුගිය දෙසැම්බර් 3 වන දා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ අක්‍රිය වුණා.
මේ අතර විදුලිය අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අදත් සාකච්ඡාවක් පැවැත්වෙන අතර, මෙවර ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතිවලට ද ආරාධනා කර තිබෙනවා.
ඒ අනුව එම සාකච්ඡාවට තම සංගමයේ නියෝජිතයින්ද එක්වන බවයි ලංකා විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ.
එසේම ඉදිරි දින කිහිපයේ විදුලිය කප්පාදුවක් සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලැබී ඇති දත්ත පිළිබඳව අධ්‍යයනයක් කර තීරණයකට එළඹෙන බවයි.
මේ අතර පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.
මෙලෙස ගිවිසුම් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියා සිටියේ, අදාළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් රජයට මිලියන 5,000ක පමණ අලාභයක් සිදු වනු ඇති බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |