අද 10.00ට ජනපති කරන්න යන දේ මෙන්න..රටේම අවධානයට.

Parliament Political Mahinda yapa Mahinda Rajapakshe Gotabaya Rajapakshe Lakshman alle
By Aruna Jan 18, 2022 01:48 AM GMT
Report

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඉතා චාම් ආකාරයෙන් එම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකිරීමෙන් පසු සභාව කල්තැබීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සහ විවිධ සේවා සපයන්නන් සඳහා කොවිඩ් පරීක්ෂණය අනිවාර්ය කර තිබීම ද විශේෂත්වයක්.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස් එන්නත්කරණ කාඩ්පත රැගෙන පැමිණීම අනිවාර්ය වන බවයි.

මේ අතර රාජාසන කතාව අවස්ථාවේදී කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේ ද යන්න පිළිබඳව අද උදෑසන පවතින සාකච්ඡාවකදී තීරණයක් ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now