ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙක් ගෙන් ජනපතිට ප‍්‍රහාරයක්..
ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ පළකර තිබෙනවා.
සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාටවත් නොව පොදු ජන පෙරමුණට බවත් හෙතෙම සඳහන් කරයි.
ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බවද ඔහු සිහිපත් කර තිබේ.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.
කෙෂාර ජයසිංහ මහතා ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබුණා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ මහතා එම ධුරයේ නැවත පිහිටුවන ලෙස නියෝග කර තිබින.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |