ජනපති හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයට යයි..එහි සභාපති වහාම ඉවත් කෙරේ.

Sri Lanka Political Gotabaya Rajapakshe Theshara jayasinghe Litro chairman
By Aruna Jan 13, 2022 07:21 AM GMT
Report

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

කෙසේ වෙතත් , ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බවයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මුතුරාජවෙල - මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now