ජනපති හදිසියේ දැඩි තීරණයක් ගන්න යයි...එම තීරණය මෙන්න..
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා සිදුකළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීම බවයි.
ආණ්ඩුවේ විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීමට මැති ඇමතිවරුන්ට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබුණා.
එවන් තත්ත්වයක් මත ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ හොත් ඔවුන්ගේ තනතුරු ද ඉදිරියේ දී අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
මේ අතර හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අමාත්‍යධූරයට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පත්කරන බවට වාර්තා පළ වුණා.
කෙසේවෙතත් දිසානායක මන්ත්‍රීවරයා විසින් එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |