Google එකෙන් අලුත්ම විශේෂාංගයක් හදුන්වා දෙයි..එම විශේෂාංගය මෙන්න..

Google Technology Social Media
By Aruna Mar 30, 2024 07:48 AM GMT
Report

Google Photos විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ, ඡායාරූප බෙදාගැනීම පහසුකිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම Favorite Shortcut එක හරහා ඡායාරූප බෙදාගැනීමේ ප්‍රියතම පුද්ගලයා තෝරාගත හැකි බවයි.

එලෙස සිදු කිරීමෙන් ඔවුන් සමඟ උසස් තත්ත්වයේ ඡායාරූප බෙදා ගැනීම පහසු වීම ද විශේෂත්වයක්.

මෙම විශේෂංගය තුළින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම අවස්ථාවන් කිසිදු කරදරයකින් තොරව ඔවුන් කැමති පුද්ගලයා සමඟ කඩිනමින් බෙදා ගැනීමට හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම විශේෂාංගය Android 6.76 මෙහෙයුම් පද්ධතිය හරහා Google Photos භාවිත කරන්නන් සඳහා පමණක් ලබා ගත හැකි බවයි සඳහන් වන්නේ.

OnePlus ඡායාරූප යෙදවුම මේ වනවිට Google ඡායාරූප සමඟ ඒකාබද්ධ කිරීමට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔවුන්ගේ ඡායාරූප සෘජුවම Google ඡායාරූප වෙත Upload කිරීමට සහ OnePlus යෙදුමෙන් ඔවුන්ගේ සම්පූර්ණ Google Photos Library වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසා දීම විශේෂත්වයක්.