Google Incognito පාවිච්චි කරන ඔයාගේ සතුට ඩබල් වෙන අලුත්ම ආරංචිය මෙන්න..

By Sewvandhi Apr 02, 2024 01:51 PM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යෝජිත නීත්‍යානුකූල බේරුම්කරණයක නියමයන් යටතේ Incognito පහසුකම යටතේ ඇති බිලියන ගණනක් වාර්තා මකා දැමීමට Google සමාගම එකඟ වී ඇති බවයි.

එමෙන්ම Incognito පරිශීලකයන්ගේ දත්ත ගබඩා කර ගැනීමේ බලය යම් සීමාවන්ට යටත් කිරීමට එම සමාගම එකඟ වී ඇති බව සඳහන්.

2020 දී Incognito හරහා බ්‍රවුස් කරන විට පවා පරිශීලක දත්ත රැස් කිරීමෙන් තාක්ෂණික දැවැන්තයා ලෙස සැලකෙන Google සමාගම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි කරන බවට චෝදනා එල්ල වුණා.

එහිදී නඩුව ගොනුකළ පාර්ශ්වය විසින් ඩොලර් බිලියන 5 ක වන්දියක්ද ඉල්ලා තිබුණා. ඒ අනුව දැනටමත් එම නඩුවට ප්‍රතිචාර වශයෙන් Google සමාගම වෙනස්කම් සිදු කර තිබෙනවා.

වැඩිදුරටත් සඳහන් වන්නේ, Incognito පරිශීලකයන්ගේ දත්ත මැකීම එක්සත් ජනපදයට පමණක් නොව ගෝලීය වශයෙන් අදාළ වන බවයි.

Incognito හරහා බ්‍රවුසින් හිස්ටෝරි සුරැකෙන්නේ නැති නිසා එමගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වනවා.

Google සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙලෙසින් මෙම නඩුව නිරාකරණය කිරීමට හැකිවීම පිළිබඳව සමාගමක් වශයෙන් සතුටු වන බවයි.