Google වෙනස් වෙයි! නවතම වෙනස්කම් මෙන්න

Google United Kingdom Queen Elizabeth II
By Sewvandhi Sep 09, 2022 11:56 AM GMT
Report

ලොව වැඩි ම ග්‍රාහක පිරිසක් භාවිත කරන අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය වන Google එහි මුල් පිටුව ලා අළු පැහැයැති පසු බිමකට හුවමාරු වීමට කටයුතු කර තිබෙනවා. ඒ දෙවන එලිසබත් රැජිනියගේ අභාව‍ය හේතුවෙන් තම උපහාරය පුද කිරීමටයි.

මේ අතර Google ලෙස සඳහන් වන කළු පසුබිමෙහි ක්ලික් කිරීමෙන් රැජිනිය ගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවලට ප්‍රවේශ විය හැකි ආකාරයට නව කවුලුවක් විවර වන ආකාරයෙන් ද සැකසීමට Google කටයුතු කර තිබෙනවා. තව ද එම කළු පසුබිමෙහි මූසිකය රඳවා සිටින්නෙකුට 'Queen Elizabeth II,1926 - 2022' ලෙස දර්ශනය වන ආකාරයට Google විසින් තම සැකසුම් වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර රැජිනියගේ අභාවයට ශෝකය පළ කරනු පිණිස, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ වෙබ් අඩවියත්, BBC ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි ගණනාවක් ද තම වෙබ් පිටු කළු පැහැයට හෝ තද අළු පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබෙව්නවා.

සාමාන්‍යයෙන් Google සෙවුම් යන්ත්‍රය, විවිධ ඓතිහාසික සිදුවීම් සහ චරිත වෙත අවධානය යොමු කරන අතර, ඇතැම් දිනවලට ගරු කිරීමක් වශයෙන් හෝ ලෝකයේ සිදුවීම් පිළිබිඹු කිරීම කෙරෙහි එහි ලාංඡනය නිතිපතා වෙනස්කම්වලට භාජනය කරනු දක්නට ලැබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW