අද Google යෙදවුම භාවිතා කරන හැමෝටම විශේෂම දවසක් වෙයි ..ගරාජයේ සිට මුළු විශ්වයටම.(PHOTOS)
මේ වන විට ලොව ඇති ප්‍රමුඛතම අන්තර්ජාලය සම්බන්ධ මෙවලම් සහ සේවා සපයන්නා වන Google සමාගම විධිමත් සමාගමක් ලෙස ආරම්භ වී ඇත්තේ 1998 වර්ෂයේ අද වැනි දිනකදී වීම විශේෂත්වයක්.
එහි පළමු කාර්යාලය ආරම්භ වුණේ, ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, මෙන්ලෝ උද්‍යානයේ පිහිටි ගරාජයක් තුළයි.
ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි සමයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ Google පළමුව එළිදැක්වූනේ අන්තර්ජාල සෙවුම් යෙදවුමක් ලෙසයි.
පසුව ඉන් නොනැවති, Google හා අනුබද්ධ යෙදවුම් සහ සේවා නිර්මාණය කළ ඔවුන් මේ වන විට ලොව ප්‍රමුඛතම අන්තර්ජාලය හා සම්බන්ධ ව්‍යාපාරික ආයතනය බවට පත්ව සිටිනවා.
2015 වසරේ දි Google සමාගම තුළ ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රතිඵලයක් ලෙස Alphabet Inc නමින් මව් සමාගමක් හා ඊට අනුබද්ධ තවත් සමාගම් කිහිපයකට වෙන්කෙරුණා.
වර්තමානයේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Mountain view හි පිහිටි Google සමාගමේ මූලස්ථානය Googleplex ලෙස හඳුන්වනවා.
මේ වන විට ගූගල් මව් සමාගම වන Alphabet Inc තුළ සේවය කරන වෘත්තීකයන් සංඛ්‍යාව 156,000 ඉක්මවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


