Twitter හා Google සබඳතාව බිදවැටේ..? වාර්තා වන අලුත්ම පුවත..

Google Twitter Elon Musk
By Sewvandhi Jun 11, 2023 11:44 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි, "Google Cloud" පහසුකම සැපයීම වෙනුවෙන් එම සමාගමට ලබාදීමට නියමිතව තිබූ ගෙවීම් සිදුකිරීම, Twitter සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

එනම්, පසුගිය වසරේ ඉලොන් මස්ක් විසින් Twitter සමාගම මිලදී ගැනීමට පෙර Google සහ Twitter සමාගම් අතර අත්සන් තබා තිබූ කොන්ත්‍රාත්තුව අනුව මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතව තිබුණි.

 Twitter පරිශිලකයින්ගේ ගිණුම් ආරක්ෂා කිරීම, ඒ හරහා හුවමාරුවන තොරතුරු ආරක්ෂා කිරීම යන කරුණු ද එම කොන්ත්‍රාත්තුවට ඇතුළත් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කොන්ත්‍රාත්තුව මෙම මාසයේ අවසන් වීමට තිබූ බවත් එය නැවත් අත්සන් කිරීමට නියමිතව තිබූ බවත්ය.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ විශ්වාසය බිඳි යා හැකි බවත් Twitter යෙදවුමේ ඇති විශ්වාස සහ ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරීත්වය අඩපණ වී යා හැකි බවත් වාර්තා වේ.කෙසේ වෙතත් මෙම තොරතුරු එක හෙළා සනාථ කළ නොහැකි බවද අදාළ තොරතුරු සපයන්නන් පවසා ඇත.

මේ අතර පසුගිය මාර්තු මාසයේ සිට අදාළ කොන්ත්‍රාත්තුවේ ඇතැම් කරුණු වෙනස් කිරීමට Twitter සමාගම, Google සමාගම සමග සාකච්ඡාර කර ඇති බව ද සඳහන් විය. එවැනි පසුබිමක් මත Twitter සමාගම මෙම බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වාර්තා කර තිබේ.