Google Adverts අතරට රිංගන හානිකර කැඳවන ව්‍යාජ දැන්වීම්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

Google Microsoft Informatics Institute of Technology Sri Lanka Sri Lanka Institute of Information Technology Sri Lanka Social Media
By Aruna May 23, 2023 07:40 AM GMT
Report

Google සෙවුම් ප්‍රථිපල අතරට අනවසරව රිංගා ගන්නා සයිබර් අපරාධ කරුවන් ගන්නා එක් ක්‍රියාමාර්ගයක් ලෙසට fake adverts පලකරමින් ඒවායේ සබඳතාවය අවධිකරන විට remote-access software එකක් වන Lobshot ස්ථාපනයට කටයුතු කර ඒ ඔස්සේ ඔබගේ Pc යන්ත්‍රය remotely access කිරීමට කටයුතු කිරීම දැක්විය හැක.

හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාජ දැන්වීම් අතර බහුලව 1Password, 7-Zip, Audacity, Bitwarden, CCleaner, LibreOffice, Notepad++, OBS, Rufus, VirtualBox, VLC media player වැනි මෘදුකාංග භාවිතාවන් දෙසට නිර්මාණය කර තිබීම දක්නට ලැබෙන බවයි.

හදාරන්නන් අවධාරනය කරන්නේ විශේෂයෙන්ම AnyDesk නම් මෘදුකාංගය සදහා වන විශාල අවධානය ප්‍රයෝජනයට ගනිමින් පහර දෙන්නන් නිර්මානය කරන මෙම ව්‍යාජ දැන්වීම් මග හරින්නට කටයුතු කිරීම ඉත වැදගත් බවකි.

මේ සදහ සරලම ක්‍රමය ලෙසට Google adverts මග හැරීම හෝ එයට බාදාකරන uBlock Origin වැනි ටූලයක් භාවිතා කිරීමේ සිට Brave Search වැනි වෙනත් විකල්ප බ්‍රවුසරයක් වෙතට යාමට යෝජනා කරනු දක්නට හැක.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now