කුලී නිවැසියන්ට මෙන්න සුබ ආරංචියක්!!.
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Aruna
1972 අංක 7 දරන නිවාස කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් තීරණය කිරීම සඳහා හඳුන්වා දුන් 1972 අංක 7 දරන නිවාස කුලී පනතට සංශෝධන සිදු කර ඇත.
නව ආරක්ෂක නීතිය හඳුන්වාදීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති නිවාස කුලියට ගැනීමේ පනත පිළිබඳ උපදේශන කාරක සභාව විසින් මෙම කරුණ විභාග කර ඇත.
ඒ අනුව, කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
මෙම යෝජනා සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන නිවාස කුලී පනත අවලංගු කර නව පනතක් ඉදිරිපත් කිරීමට යෝජිත බවයි පැවසෙන්නේ.