IMF එකෙන් ලංකාවට අලුත් ආරංචියක්

International Monetary Fund Government Of Sri Lanka IMF Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Aug 28, 2026 05:43 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ සමාලෝචනය සිදු කිරීම සඳහා මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ 7 වැනි සමාලෝචනය සිදු කිරීමට නියමිත අතර, 8 වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට මුදාහැරීම සම්බන්ධයෙන්ද සලකා බැලීමට නියමිතව තිබේ.

අදාළ සමාලෝචනය සාර්ථකව අවසන් වුවහොත්, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330කට ආසන්න මුදලක් ලබාගැනීමට හැකි වනු ඇතැයි වාර්තා වේ.