පාසල් සිසුවියන්ට සුබ ආරංචියක්. - කැබිනට් අනුමැතිය සහිතව නොමිලේ දෙන්න යන දේ මෙන්න.

Ministry of Education Sri Lanka Cabinet Government Of Sri Lanka Sri Lankan Schools
By Wayomi Apr 02, 2024 04:39 AM GMT
Report

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ගණනය කිරීම් අනුව ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන 1.2 ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල් ,දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.