පිළිස්සී මිය ගිය පොලිස් කාන්තාවගේ දරුවන්ට ලැබුණු දේ..

police Sri Lanka Galle Gonupinuvala Nadeela Sanjeewani
By Sewvandhi Feb 16, 2022 04:44 PM GMT
Report

කාන්තා පොලිස් නිලධාරිනියක වූ සැරයන් නදීකා සංජීවනි පසුගිය 9වනදා පිළිස්සීමෙන් ලද බරපතළ තුවාල හේතුවෙන් මියගොස් තිබුණි. ඇය එම සිද්ධියට මුහුණ දී තිබුණේ 2022.02.05 දිනය.

එම නිලධාරිනිය ගාල්ල පොලිස් කොට්ඨාසයේ ගෝනපීනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කර තිබුණි. ඇයගේ වයස අවුරුදු 10ක් හා 4ක් වන දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු හා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) මුදල් පරිත්‍යාගයක් සිදු කෙරිණි.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක චෙක්පතක් හා ත්‍යාග දරුවන් දෙදෙනා වෙත පිරිනමා තිබේ. පොලිස් සැරයන්වරිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ ඇයගේ සැමියා සමග ඇතිවූ ආරවුලකදීය.

පොලීසියෙන් ඉවත්වන ලෙස සැමියා අවස්ථා රැසකදී ඇය සමග ගැටුම් ඇති කරගෙන තිබූ අතර පසුගිය දා ඇයගේ නිලඇඳුම් පෙට්‍රල් දමා ගිනිතබා තිබුණි.

එහිදී සැමියා අත තිබූ පෙට්‍රල් බෝතලය උදුරා ගැනීමේදී සැරයන්වරියගේ ශරීරයට පෙට්‍රල් හැලී ඇය බරපතළ ලෙස පිළිස්සීමට ලක්වී මියගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගැනුණු අතර දරුවන් ට දෙමාපිය රැකවරණය අහිමි විය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now