තෙල් මිල යළිත් එකවරම වාර්තාගත ලෙස ඉහළ යයි.

Sri Lanka Ukraine Business World market Oil prices Gold market Russian war
By Aruna Mar 27, 2022 07:17 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120 යි ශත 70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි.

මේ අතර යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබේ.

වසරක් තුළ එහි වැඩිවීම සියයට 13 යි දශම තුනක්, එනම්, ඩොලර් 230 ක්.

මේ අතර කොළඹ හෙට්ටිවීථියේ කැරට් 24 රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ 80000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැරට් විසි 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ 60000ක් ලෙසයි.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now