පාසලේදී මේසය මත විසිරෙන ලෙස ආහාර ගත් සිසුන්ට විදුහල්පතිනියක් දුන් අමුතු දඬුවම - වීඩියෝ සහිතයි..(VIDEO)
Matara
Sri Lanka
Sri Lankan Schools
By Sithumi
සිසුන් දිවා ආහාරය ගැනීමෙන් පසු මේසය මත විසිර ඇති බත් ඇට දිවෙන් ඉවත් කිරීමේ දඬුවමක් ලබාදුන් විදුහල්පතිනියක් ගැන වාර්ථා වනවා.
මීට සති තුනකට ඉහතදී මෙම අමානුෂික දඬුවම සිසුන්ට නියම කර තිබුණේ මාතර දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරියක විසිනි. විදුහල්පතිවරියගේ මෙම ක්‍රියාකලාපය පාසලේ සිටි වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර ඇත.
සිසුන් ලවා මේස මත විසිරුණු බත් ඇට දිවෙන් ඉවත් කරවීමට විදුහල්පතිවරිය නියෝග කරන ආකාරය එම දර්ශනවල දැක්වේ. මෙලෙස දඬුවමට ලක්ව තිබුණේ එම පාසලේ 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |