පෙට්‍රල් සොයා ගිය 27 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට..! මෙරටින් ඇසෙන හද කම්පා කරවන පුවත - සංවේදී වීඩියෝ සහිතයි ..(VIDEO)

Sri Lanka Sri Lanka Fuel Crisis Accident
By Sewvandhi Jun 22, 2022 10:55 AM GMT
Report

ගොඩගම නගරයේ ඉන්ධන පෝලිමක සිටි තරුණයෙකු වෙනත් පිරවුම්හලකට ඉන්ධන ලැබී ඇති බවට ලැබුණු තොරතුරක් මත එහි යන අවස්ථාවේ දී සිදුවු අනතුරකින් තරුණයා ජීවිතක්ෂයට පත්වුණි.

ගොඩගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි තරැණයෙකු පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන රැගෙන විත් ඇති බවට ලද තොරතුරක් මත එලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

එහිදී තරුණයා ගමන්ගත් යතුරුපැදිය එක්වරම මාර්ගයේ ඇදවැටී ඇති අතර, පසුව ගෑස් පටවා ගෙන පැමිණි ලොරි රථයකට හසුවීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් තරුණයා එම ස්ථානයේ ම මියගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ මීගොඩ දාම්පේ කුකුළවත්ත ප්‍රදේශයේ පදිංචි ළහිරැ හෂාන් රණසිංහ අවිවාහක තරුණයෙකි. මියගිය තරුණයාගේ සහෝදරයා ද ඉන්ධන ලබාගැනීමට පෝලිමට ගොස් තිබු අතර, ඔහු සිය අත්දැකීම මෙලෙස විස්තර කළේය.

"අපිට ආරංචියක් ආවා ගොඩගම ෂෙඩ් එකේ ඉන්නකොට පහත්ගම ෂෙඩ් එකට තෙල් ආවා කියලා. මල්ලි ඉස්සරවෙලා බයිසිකලයේ ගියා, මම පිටිපස්සෙන් බයිසිකලයේ යනකොට මට අදහා ගන්න බැරිවුණා මල්ලි ඉස්සරහ මීපේ පාස් කරලා ටික දුරක් යනකොට එයා පාරේ වැටිලා ඉන්නවා. මම එහෙම අරන් මල්ලිව හොස්පිටල් එකට දානකොටත් එයා නැති වෙලා. මට කියා ගන්න බෑ තෙල් ටිකක් නිසා මගේ මල්ලි නැති වෙච්ච එක. ඒ තරමට මට වේදනාවයි."

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසියේ විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අනතුර සිදුවන ආකාරයේ cctv කැමරාව මෙලෙස සටහන්ව තිබුණි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now