ඥාණසාර හිමියන් නඩුවකින් නිදහස්..

Sri Lanka
By krishani Nov 11, 2022 09:06 AM GMT
Report

බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකින් අද (11) උන් වහන්සේ නිදහස් කිරීමට කොළඹ, අලුත් කඩේ මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ ය.

ඒ රාජගිරිය පන්සල අසල ඉදිරිපිට දී ඇති වූ සිදුවීමක දී පොලීසියේ රාජකාරියට බාධා යන චෝදනාව යටතේ උන්වහන්සේට පවරා තිබූ නඩුවකින් ය.

පැමිණිල්ලේ සාක්ෂිකරු දිගින් දිගට ම අධිකරණයට නොපැමිණීම හේතුවෙන්, ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මෙම නඩුවෙන් නිදහස් කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join