ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමේ තීරණයට මොකද වෙන්නේ? අධිකරණයෙන් අලුත් නියෝගයක්

Galagoda Aththe Gnanasara Thero Law and Order Latest Headlines Sinhala news Arrest
By R.rishma Oct 22, 2026 10:13 AM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.

අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. බන්ධනාගාර බලධාරීන්ගේ අදාළ තීරණය නීතිවිරෝධී බවට ප්‍රකාශ කර එය බලරහිත කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.