විශේෂ ගැසට් නිවේදනයක් - ග්ලයිෆොසේට් ගැන අලුත්ම තීරණයක්..!

Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Nov 20, 2022 09:10 AM GMT
Report

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මීට අදාළව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසෙට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සඳහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසෙට් යෙදීම තහනම් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now