මහමගම තරුණයන් දෙදෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු යතුරුපැදි අනතුර - සංවේදී වීඩියෝ සහිතයි (VIDEO)
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
ගිරිඋල්ල-පන්නල මාර්ගයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 20 සහ 30 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකි.
ගිරිඋල්ල-පන්නල මාර්ගයේ මැල්ල වලාන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ අසළ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |