හෙලිකොප්ටර් අනතුරකින් ඇමතිවරුන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙක් මරුට
Accident
Ghana
Helicopter Crash
Sinhala news
Breaking News
By R.rishma
අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේ අද (06) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ඝානාවේ ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මුහම්මද් යන අමාත්‍යවරුන් බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ඝානාවේ නීතිවිරෝධී පතල් කැණීම් මැඩපැවැත්වීම සඳහා ඔබුආසි නගරයට යමින් සිටි අවස්ථාවේදී ය.