ඊශ්‍රායලයට ආයුධ සැපයීම ජර්මනිය අත්හිටුවයි
                                    
                    Israel
                
                                                
                    Israel-Hamas War
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                                                
                    gagana news
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීම ජර්මනිය විසින් අත්හිටුවන බව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා.
චාන්සලර්වරයා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණ ඊශ්‍රායලයට අපනයනය කිරීමට තම රජය අනුමැතිය ලබා නොදෙන බවයි.
ඊශ්‍රායල හමුදා සැලැස්මේ නීත්‍යානුකූල අරමුණු සාක්ෂාත් කර ගැනීම උපකාරි වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම මේ වන විට කෙමෙන් කෙමෙන් දුෂ්කර වන බව ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වයන් යටතේ නැවත දැනුම් දෙනතුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණයක් ඊශ්‍රායලයට අපනයනය කිරීම ජර්මානු රජය අවසර ලබා නොදෙන බවයි.
ඊශ්‍රායලයට ආයුධ සපයන විශාලතම අවි සැපයුම්කරුවන්ගෙන් ජර්මනිය එක් රටක් වන බවත් එක්සත් ජනපදයෙන් පසු දෙවන විශාලතම අවි සපයන්නා ජර්මනිය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
                 
                 
                                             
        
     
     
     
     
    