ජනවාරි 19 සහ 20 ලංකාවේ වෙන්න යන දේ මෙන්න..රටට අලුත් බලාපොරොත්තුවක්!!!

Sri Lanka Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Gamini Senarath Anura disanayake
By Aruna Jan 16, 2022 11:32 PM GMT
Report

වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අනිද්දා (19)වැඩ බාර ගැනීමට නියමිතයි .

ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඉල්ලා අස් වූ අතර ,ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කළා .

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි .

ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක මීට පෙර ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now