අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල එන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්.

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination
By Wayomi Apr 04, 2024 11:30 AM GMT
Report

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

ඔහු මේ බව පවසා ඇත්තේ,ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත්බ් කියා සිටියේ,අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති බවයි.