අංශ කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්..

Sri Lanka Parliament Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka
By Subodha Sep 03, 2022 11:28 AM GMT
Report

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවාවන් නිවේදනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (03) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .

ඒ විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්, රෝගීන් සම ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022අගෝස්තු 03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

එම නිවේදනයේ වලංගු කාලය මසක් වු බැවින් නැවතත් ඉල්ලීමක් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
Join now