ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

Sri Lanka
By Sewvandhi Jul 12, 2023 12:51 PM GMT
Report

ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට සමත් වූවාය.

මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 60 දශම 9යි 3කි. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීය.