ඇමති ගෑස් සිලින්ඩර 200ක් එකසැරේ අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි.. පාලනයට STF කැදවයි.(VIDEO)

Police STF Gas problem
By Aruna Mar 23, 2022 05:40 AM GMT
Report

ගෑස් සිලින්ඩර දෙසීයක පමණ ප්‍රමාණයක් ප‍්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකු විසින් ගෙන ගොස් ඇතැයි චෝදනා කරමින් ගෑස් පෝලිමේ සිටි ජනතාව ඊයේ දිනයේ විරෝධතාවක නිරත වුණා.

ගාල්ල රත්ගම ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වූයේ ගෑස් පෝලිමේ සිටි පිරිසක් විසිනි.

ප්‍රදේශය ගෑස් සිලින්ඩර 2500 අවශ්‍යතාවය ඇති බවද ඔවුන් කියා සිටියා.

නමුත් මේ සතිය තුල ලබාදිය හැක්කේ සිලින්ඩන්ඩර 500ක් පමණක් බවද එහි සිටි නියෝජිතයෙකු ජනතාවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පසුව පොලිසිය මැදිහත්වීමෙන් විරෝධතාවය විසුරුවා හැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now