ඉදිරි දිනවල ගෑස් තියනවද..? පාරිභෝගික ඇමතිගෙන් ප්‍රකාශයක්..
ලබන සඳුදා දිනයෙන් අනතුරුව වෙළඳපොලට අඛණ්ඩව ගෑස් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දින ගණනක් පුරා පවතින ගෑස් පෝලිම්වල අඩුවීමක් තවමත් දක්නට නැහැ.
ඊයේ රාත්‍රියේ දිවයිනට ලගා වූ ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක් රැගත් නෞකාවේ ගෑස් තොග ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කෙරුණා. එම ගෑස් තොගය දින තුනක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත්. ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකා දෙකක් මෙරටට ලඟා වීමට නියමිතයි.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද කෙරවලපිටිය ලිට්රෝ ගෑස් අංගනයේ නිරීක්ෂණයක නිරත වුණා. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය ගෑස් ලබාගැනීමට නොහැකිවීම නිසා අදත් දිවයිනේ ප්‍රදේශ රැසකම ගෑස් පාරිභෝගිකයින් දැඩි පීඩාවකට පත්ව සිටියා.
මේ අතර බියගම ප්‍රදේශයේ ගෑස් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු පැය ගණනක් පෝලිමේ රැඳී සිටියද ගෑස් ලබාගැනීමට නොහැකිවීම නිසා සිය ගෑස් සිලින්ඩරය රුපියල් පන්දහසක මුදලකට තවත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට කටයුතු කර තිබුණා.