ගෑස් පිපිරීම් 02ක්..නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙයි.
මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක (06) ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීමක් හේතුවෙන් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වනවා.
කොට්ටෙයි ප්‍රදේශයේ තනිව ජීවත්වූ කාන්තාවක් සිටි නිවසක අදාල කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර රැගෙන ගිය ගෑස් සිලින්ඩරයක් භාවිතා කොට ඊයේ උදෑසන ආහාර පිසීම සිදුකොට ඇති අතර පසුව දහවල් ආහාර පිසීමට ආසන්න වූ අවස්ථාවේදී ගෑස් ලිප එකවරම පුපුරා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.
ගෑස් ලිප පිපීරීමත් සමග ලිපට සවිකරන ලද වයරයද පුපුරා යාමෙන් ඇති වූ ගෑස් කාන්දුවකින් ගිනිගැනීම සිදුව ඇති අතර ගින්න එකවරම පැතිරීම හේතුවෙන් කාන්තාවද එලියට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා ඇත.
පසුව ගින්න වේගයෙන් පැතිරීම හේතුවෙන් කාන්තාවගේ නිවසේ ගිනි ගැනීම සීග්‍රයෙන් වැඩී වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
නිවසේ සිටි කාන්තාව ගින්න නිවා දැමීමට ගත් උත්සහකදී ඇය ද සිහිමුර්ජා වීම හේතුවෙන් මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්දිය වූ ස්ථානයට මන්නාරම් පොලීසිය පැමිණ වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.
නිවස ගිනිගැනීමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැකි අතරම ගෑස් ලිප පිපිරී සිදුවූ ගෑස් කාන්දුවකින්ද යන්න පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ පිහිටි මරේ දමිල මහා විද්‍යාලයේ ගුරු නිල නිවසක තිබු ගැස් උදුනක් පුපුරා ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසනවා.
මිට මාසකට පමණ ප්‍රථම නල්ලතන්නිය ප්‍රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිල දි ගත් ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් උදුන මෙසේ පුපුරා ගොස් ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.
ගැස් උදුන ක්‍රියා විරහිත කර තිබියදි එකවරම විශාල ශබ්දයක් සමග ගැස් උදුන පුපුරා විනාශ වි ගිය බවත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බවයි එම ගුරු නිල නිවසේ පදිංචි ස්ටිවන් බ්රසිඩා මහත්මිය කියා සිටියේ.
පිපිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |